අද දෙන්න හදන්නේ පරිගණක ආරම්බයේ සිට අද දක්වා පරිගණක පරම්පරා පිළිබද පොඩි වර්ගීකරණයක් එක්ක විස්තරයක් මොකද හැමදෙයකම ආරම්බය වැදගත්නේ.
0 th Generation (Earliest Computers)
පරිගණකය
කියන්නේ ඇත්තෙන්ම ගණක යන්ත්‍ර හා යම් තරමක් සමාන(100%ක් නෙමෙයි.) යම්
තරමක් සම්බන්ධ, ඒවාට සමගාමීව දියුණු වුනු යන්ත්‍ර විශේෂයක්. මුල් කාලීන
පරිගණක බොහොමයක් භාවිතා වුනේ ගණනය කිරීම සඳහා තමයි. ඒවා අතරින් මූලිකවම
ගැනෙන යන්ත්‍රයක් තමයි Abacus එක කියන්නේ. (Abacus එක හැබැයි chinese භාණ්ඩයක් තමයි. ඒ වුනාට හොඳට වැඩ කරනවලු.හැබැයි ඒ වගේම රෝමේත් මේක භාවිතා වුනා)
Abacus එක ගැන නම් මම හිතනවා ගොඩක් අය අහලා ඇති කියලා. එත් Antikythera Mechanismකියන
එක ගැන නම් සමහරවිට අහලා නැතුව ඇති. ඇත්තෙන්ම මේක පරිගනකයක් විදියට
හඳුනාගත්තෙත් බොහොම මෑතකදී ඇත්තෙන්ම 2006 දී. මේක නිර්මාණය කරලා තියෙන්නේ
ක්‍රි.පූ. 100 හෝ ඊටත් පෙර කියලයි කාල නිර්ණය කරලා තියෙන්නේ.
ඊලගට තව වැදගත්ම යන්ත්‍රයක් තමයි බ්ලේස් පැස්කල් විසින් 1642 නිර්මාණය කල Pascaline Machine හෙවත්
පැස්කල් යන්ත්‍රය. ඒවගේම අපට අමතක කල නොහැකිම පුද්ගලයෙක් නිර්මාණය කල තවත්
යන්ත්‍ර 2ක් තියෙනවා. ඒ කෙනා තමයි චාල්ස් බැබේජ්. ඔහු තමයි පරිගණකයේ පියා
විදියටත් හඳුන්වන්නේ.1937 දී ඔහු Analytical Engine කියන යන්ත්‍රය නිර්මාණය කළා. ඊළඟට ඔහු Difference Engine නම්
යන්ත්‍රය සැලසුම් කළා. එත් ප්‍රශ්නය වුනේ ඔහුගේ සැලසුම් වලට අනුව ඒ
යන්ත්‍ර නිසිආකාරව නිර්මාණය කිරීමට ඒ කාලේ පැවති තාක්ෂනය ප්‍රමාණවත් නොවීම.
ඒ නිසාම Difference Engine යන්ත්‍රය ඇත්තෙන්ම නිර්මාණය වුනේ චාල්ස් බැබේජ්
ගේ කාලයට පසුවයි. කෙසේ වෙතත් ඔහුගේ සැලසුම ඉතාමත් සාර්ථක පරිගණකයක
සැලසුමක් වුනා. ඒ නිසාමයි ඔහුව පරිගණකයේ පියා විදියටත් හඳුන්වන්නේ. මීට
අමතරව තවත් යාන්ත්‍රික පරිගණක කිහිපයක්ම මුල් කාලයේ බිහිවුණා. ඒවා තමයි
පළමුවන පරම්පරාවේ පරිගණක වලට අඩිතාලම දැම්මේ.
01. First Generation (1940-1956) Vacuum Tube
පළමු පරිගණකය සැදීමේදී රික්ත නලයක් බාවිතා කරලා තියෙනව ඒ වගේම මෙහි මතකය විදියට Magnetic Drum 1ක් බවිත කරලා තියෙනවා.
ඒ
වගේම මෙම පරිගණකය කාමරයක තරම් විශාලත්වයකින් යුක්ත උනා මෙය ක්‍රියාත්මක
වීමේදී ඉතා විශාල විදුලි බලයක් අවශ්‍ය වෙලා තියෙනවා ඉතින් මේ සදහා ලොකු
වියදමක්ද දරන්න සිදු උනා, එලෙසම මෙය භාවිතා කරන අධික විදුලි බලය නිසා
විශාල වශයෙන් තාපය ඉපදවීමද එමගින් පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු වීමද ලොකු
අවාසියක් වුනා.
මේ අවදියේදී පරිගණකය සමග ක්‍රියාකිරීමට භාවිත කල භාෂාව Machine Language නම්
වන අතර මෙය පරිගණක භාවිතයේදී යොදා ගනු ලැබූ පහල මට්ටමේ පරිගණක භාෂාවකි. එම
නිසා මෙම පරිගණක මගින් වරකට විසදිය හැකි වුයේ එක ගැටළුවක් පමණි. මෙයට දත්ත
ඇතුළු කිරීමටPunch Card ලෙස හදුන්වනු ලැබූ සිදුරු සහිත Card පත් හෝ කඩදාසි පටි බාවිතා කල අතර මෙහි විසදුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගත්තා.
02. Second Generation (1956-1963) Transistors
Vacuum Tube වෙනුවට Transistors බාවිතා කරමින් නිපදවන ලද පරිගණක මෙම යුගයේදී බිහිවිය.
1947දී
Transistors සොයා ගැනිමත් සමග මෙම අවදියේ නිපදවූ පරිගණක වල විශේෂ වෙනස්කම්
කිහිපයක් සිදු විය. පරිගනකයේ විශාලත්වය කුඩා වීම, කාර්යක්ෂම වීම, ලාබදායි
වීම ඒ අතරින් ප්‍රදාන වේ. මෙය පළමු යුගයේ පරිගණක වලට වඩා විශ්වාස දායි වුවද
Transistors මගින් නිපදවන තාපය පෙර පරිදිම විය. මේ නිසා පරිගනකයට සිදු වන
හානියෙහි වෙනසක් සිදු නොවීය.
මෙම යුගයෙදීද දත්ත අතුලත් කිරීමට Punch Card ලෙස හදුන්වනු ලැබූ සිදුරු සහිත Card පත් හෝ කඩදාසි පටි භාවිතා කල අතර විසදුම් මුද්‍රණය කිරීමෙන් ලබා ගත්තා.
තාක්ෂණයේ සිදුවූ වෙනසත් සමග පරිගණක භාෂාවේ වෙනසක් සිදු විය, එනම් සංකේත යොදා ගනිමින් පරිගනකය සමග ගනුදෙනු කල හැකි වූ අතර එයට ඇතුලත් කල විධාන වචන ලෙස ඇතුලත් කිරීමට හැකි වුනා. Cobol සහ Fortran යන පරිගණක භාෂාවන්ගේ මුලාරම්භය මෙය ලෙස සැලකිය හැකියි.
මෙම පරිගනකද මුල් යුගයේ පරිගණක මෙන්ම දෙනු ලබන විධානයන් මතකයේ රදවාගන්නට සමත් වූ අතර ඒ සදහා යොදා ගත් Magnetic Drum වෙනුවට Magnetic Core යන තාක්ෂනය භාවිතා කරනු ලැබුවා.
03. Third Generation (1946-1971) Integrated Circuits
සංගෘහිත පරිපත භාවිතයත් සමග පරිගනක වල නව යුගයක් මෙම අවදියේදී ඇති විය. මෙය පරිගණක විකාශනයේ 3වන යුගය ලෙස හැදින්විය හැකියි. මීට පෙර භාවිත කල Transistors එකට එකතු කොට තවදුරටත් කුඩා වන සේ සකස් කල සංගෘහිත පරිපත මෙම යුගයේ පරිගණක සදහා යොදා ගන්න ලදී. එලෙසම මේවා එකතු කොට සාදන ලදSemiconductor පරිගණක නිපදවීමට භාවිතා විය. මෙම නව තාක්ෂණයත් සමග පරිගණක ඉතිහාසයේ සුවිසේසි අවධියකට මෙම යුගයේදී පිවිසුනා මෙතෙක් බාවිතා කල Punch Card සහ මුද්‍රණ කටයුතු වෙනුවට Key board සහ Monitors භාවිතය ඇරබුනි.
එසේම අතුරු මුහුණතක් (Interface) සහ ප්‍රදාන මෙහෙයුම් පද්ධතියක් (Operating System) භාවිතය පළමුවෙන්ම ඇරඹුනේ මෙම යුගයේදී වන අතර මේ නිසා වැඩ සටහන් කිහිපයක් සමග එකවර වැඩ කිරිමේ හැකියාව පරිගණකයට ලැබුණි. මෙම පරිගණක වල ප්‍රමාණය සහ මිලෙහි අඩු වීම වැඩි දෙනා අතර මෙම පරිගනක ප්‍රචලිත වීමටද හේතුවක් විය.
මෙතැන් සිට වර්තමානයේ අපි භාවිතා කරන පරිගණක දක්වා පරිගණක වල පරිණාමය සිදු වෙනවා අපි ඊලගට බලමු ඒ විස්තරය.
04. Fourth Generation (from 1971) Microprocessors
තාක්ෂණයේ ඇති වූ දියුණුවත් සමග සංගෘහිත පරිපත දස දහස් ගණනක් එකට එකතු කොට තනි Silicon Chip 1ක් සාදන ලදී. මෙය වර්තමානයේ අප භාවිතා කරනProcessor එක ලෙස හදුන්වයි. මෙම Microprocessor පරිගණක
තාක්ෂණයට විශාල වෙනසක් සිදු කිරීමට සමත් විය. මුල් යුගයේ කාමරයක් තරම් වූ
පරිගණකය අතේ ගෙන යාමට හැකි තරමේ කුඩාවට නිෂ්පාදනය කිරීමට මෙම තාක්ෂණයට හැකි
විය.
මේ අතර වර්ෂ 1971දී නිපදවනු ලැබූ Intel 4004 Microprocessor එක ප්‍රධාන ස්ථානයක් ගනී.ප්‍රථමයෙන් 1981දී IBM සමගම විසින් ගෘහස්ථ භාවිතය සදහා පරිගණකයක් නිපදවීය, මෙතැන් පටන් ක්‍රමයෙන් කුඩා වන ලෙසත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙසත් පරිගණක නිෂ්පාදනය විය.
මේවා මුල් යුගයේ පරිගණක වලට වඩා බෙහෙවින් කුඩා වූ බැවින් පහසුවෙන් ජාල ගත කිරීමටද පුළුවන් විය.
05. Fifth Generation - Artificial Intelligence
පරිගණක
විකාශනයේ ඉතාමත්ම වැදගත් අවධිය ලෙස මෙය හැදින්විය හැක. පරිගණකයටම වෙන්වූ
බුද්ධියක් සමග පරිගණක ක්‍රියා කිරීම ආරම්භ විය. පරිගණකයේ වර්තමාන සහ අනාගත
අවධිය දැක්වෙන යුගය ලෙස මෙය සැලකේ.
වර්තමානයේ භාවිත වෙන Voice Recognition වැනි වැඩසටහන් භාවිත විම ඇරබීමත්Parallel Processor සහ Super Conductor වැනි පරිපථ පරිගණකයේ භාවිතා වන කෘතීම බුද්ධිය (Artificial Intelligence) වැඩි දියුණු කිරීමටත් හේතු විය.
අවසානයේ පරිගණක හැසරවීමට විධාන ලබා දිම සදහා සාමාන්‍ය භාවිත කරන භාෂාවන් භාවිතයට හැකි වී ඇති අතර මෙය Nature Language නම් වේ.
ඔන්න එහෙනම් ඔයාලට දැන් මේ ගැන දැනුමක් ලබන්න ඇති ඔයාගේ
අදහස් දාන්නත් අමතක නොකරන්න :)
ඔන්න එහෙනම් ඔයාලට දැන් මේ ගැන දැනුමක් ලබන්න ඇති ඔයාගේ
අදහස් දාන්නත් අමතක නොකරන්න :)
No comments:
Post a Comment