Wednesday, July 30, 2014

Marter card එකක් නොමිලේ ගෙන්න ගමු - payoneer

අපි ඔයාලට අන්තර්ජාලයෙන් එක එක ඒවා නොමිලේ ගෙන්න ගන්න විදිය කලින් ලිපි වලින් දැනුවත් කරා. ඔන්න අද කියන්නේ Master card එකක් ගෙන්නන විදිය.


කාඩ් එකේ නම  payoneer Master card.

payoneer Master card එක කියන්නේ මොකද්ද කියන එක දැන් ඔයාලට ගැටලුවක් වෙලා ඇති. මේක ඇවිල්ලා International Master card එකක්. අපි සාමාන්‍යයෙන් commercial , BOC , HSBC වගේ බැංකු වලින් ගිණුමක් විවෘත කර හදන මාස්ටර් කාඩ් වගේම තමයි. නමුත් අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනෙක්ට නොමිලේම මෙය ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් වීම විශේෂයි.

මේ කාඩ් එක වැදගත් වෙන්නේ ඇයි ?

ඔයාලා අන්තර්ජාලයෙන් මුදල් උපයනවනම් අනිවාර්යෙන් දන්නවා උපයන මුදල් අතට ගන්න නම තමන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කර ගන්න ඕනෙ. අන්න ඒ සදහා මෙම Payoneer කාඩ් එක ගොඩක්ම උපකාරී වෙනවා.



උදාහරණ : Adfly , Odex , Paypal එකේ සල්ලි වුනත් මේකට බැර කරලා අතටම මුදල් ගන්න පුලුවන්.

අමතර වාසි මොනවද ?
මෙම ගිණුමට මුදල් උපයා ගැනීමෙන් හෝ බැර කිරීම  මගින් අන්තර්ජාලයේ ඇති ඕනෑම මුදල් ගණුදෙනුවකට, භාණ්ඩ මිලදී ගැනීමට යොදා ගත හැකි වීම.

ඒ වගේම ලංකාවේ Commercial , HSBC , BOC වැනි බැංකු වල ATM යන්ත්‍රය මගින් මුදල් ලබා ගැනීමට , ශේෂය පිරික්සීමටද හැකිය.

දැන් බලමු කොහොමද මේ කාඩ් එකක් ගෙන්නන්නේ කියලා.

යන්න මෙතනට
ඔබගේ සත්‍යය තොරතුරු දීලා කාඩ් එකක් Request කරන්න.නිවැරදිව ලිපිනය දෙන්න සති 2 කින් 3 කින් ඔයාගේ ගෙදරටම එවනවා.

No comments:

Post a Comment