Monday, August 4, 2014

SLT Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම

 මේ ක්‍රමේට අපිට පුළුවන් කාගේ හරි router එකක් hack කරලා එයාගේ internet යන user name & password හොයාගෙන ඒ බිලට internet යන්ඩ.ඒකට ඕන වෙන්නේ අපි ADSL වගේ router එකක් හෝ Modem එකක් මගින් ඉන්ටෙර්නෙට් යන්ඩ පුළුවන් Connection එකක් විතරයි.

        ඒකට අපිට වෙන කාගේ හෝ router එකකින් ඉන්ටෙර්නෙට් යන කෙනෙක්ගේ IP එකක් ඕන වෙනවා.මුලින්ම ඔයාලගේ IP ඒකෙන් මේක test කරලා බලන්ඩ.(ඔයාලගේ IPඑක හොයාගන්ඩ ඕනෙනම් Google ඒකට ගිහින් "whats my ip is" කියල ගහන්ඩ.එතකොටyouer public IP address is කියල page එකේ උඩින්ම ඔයාලගේ IP එක පෙන්නනවා)


    දැන් ඔය අංකය ඔයාලගේ browser එකේ උඩ address bar එකේ ගහන්ඩ.එතකොට පොඩි page එකක් එනවා.ඒක ඔයාල පාවිච්චි කරන router එකෙන් router ඒකට වෙනස් වෙනවා.මම පාවිච්චි කරන්නේ ZTE wi-fi router එකක්.එකේදී එන්නේ පල්ලෙහා වගේ user name හා password ගහන්ඩ.

    මේකෙදි ගහන්ඩ ඕනේ අපේ router ඒකට එන user name එකයි password එකයි.මහේ එකේනම් දෙකටම ගහන්ඩ තියෙන්නේ "admin" කියලා.ඔයාලගේ එකේ user name & password දන්නේ නැත්නම් ඔයාලගේ router එකේ නම ගහලා "difficult passwords" කියල google එකේ ගහලා ඒක හොයා ගන්ඩ.

   දැන් ඔය හොයාගත්ත ඒවා ගහලා log වෙන්ඩ.එතකොට මගේ එකේනම් පල්ලෙහා වගේ page එකක් එනවා.ඔයාලගේ router ඒක අනුව එන page ඒක වෙනස් වෙන්ඩ පුළුවන්.


     දැන් ඔකේ අරහෙට මෙහෙට ගියාම තියනවා අපිට telicom එකෙන් දෙන user name & password දෙක.ඒ දෙක හොයා ගත්තා කියන්නේ ඒවා ගහලා අපිට free යන්ද පුළුවන් කියන එකනේ.හැබැයි අවුලකට තියෙන්නේ එකේ password ඒක පෙන්නන්නේ ******* විදිහට.ඒකත් හොයාගන්ඩ බැරිම නෑ.

ඔයාලා වෙන කෙනෙක්ගේ router එකට ඇතුළු වෙන්න හදනවනම් එයා ඒ වෙලාවේ online ඉන්න ඕනේ. IP range එකක online ඉන්න IP ටික මෙන්න මේ softwear එකෙන් හොයා ගන්න පුළුවන්.

    මට කියන්ඩ ඕනේ උනේ වෙන කව්රුහරි ඔයාලගේ bill ඒකට net යන එක වලක්වගන්න හැටි.ඒකට අපි කරන්ඩ ඕනේ අපේ router එකේ තියන password එක වෙනස් කරන එක.එතකොට කාටවත් අපි ඉස්සෙල්ල router එකේ password එක හොයා ගත්තා වගේ internet එකේ හොයල අපේ password එක හොයාගන්ඩ බෑ.
දැන් අර page එකේ කොතන හරි ඔයාලගේ password එක වෙනස් කරන්ඩ තියනවා.ඔයාල ඒක වෙනස් කරන්ඩ.එතකොට ඔයාල සුරක්ෂිතයි.


      දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්ඩ පුළුවන්. කව්රු හරි ඔයාලගේ router එක hack කරලා password එක වෙනස් කරා.එහෙම නැත්තන් ඔයාලට දාපු password එක අමතක උනා.එතකොට මොකද කරන්නේ.එතකොය කරන්ඩතියෙන්නේ මෙච්චරයි, router එකේ පොඩි button එකෙක් තියනවා reset කියලා.ඒක තත්පර 5ක් 6ක් ඔබාගෙන ඉන්ඩ.එතකොට router ඒක off වෙලා අයෙ on වෙනවා.දැන් අපහු තියෙන්නේ මුලින් තිබ්බ  difficult password එකම තාම.මේක reset කරාම internet යන්ඩ බැරි උනොත් මුල ඉදන් internet settings ටික හදන්න.එතකොට වැඩේ හරියනවා.(මේ password එක reset කරන්නේ නැතුව හොයාගන්ඩ විදිහක් තියනවා.එ ක්‍රමේ ටිකක් දිගයි.ඒක පස්සේ වෙලාවක කියන්නම්.දන ගඳ ඕන කෙනෙක් ඉන්නවනම් මට කියන්ඩ)

     අපිට අපේ එකෙන වෙන කෙනෙක් හොරාට internet යනවද කියලා සැකයක් අවොත් ඒක දැනගන්ඩ තියන ලේසිම ක්‍රමේ SLT Usage Meter එකට   ගිහින් අපිට telicom එකෙන් දෙන username & password දීල අපේ internet usage ඒක බලන්ඩ යන්ඩ.එකේ ADSL port ID කියන එකට එකම නමක් තියනවනම් බය වෙන්ඩ එපා.වෙන වෙන ඒවා තියනවනම් පොඩ්ඩක් හොයල බලන්ඩ.හැබැයි ඒක වෙනස් වෙන්නේ වෙන කෙනෙක් log උනොත් විතරක්ම නෙවේ.

       මම මේකේ වෙන කෙනෙක්ගේ internet password ඒක බලන හැටි මම කියලා දුන්නේ නෑ නේ. කට්ටිය කොහොම හරි ඔය ක්‍රමේ හොයාගෙන හොරාට internet යන්ඩ පටන් ගනී.ටික දවසක් ගියාම ගෙදට්ට ලිවුමක් එයි.ලොකු telephone බිලකුත් එක්ක. ඒක ගෙව්වේ නැත්තන් නඩු දානවා කියලා.එතකොට ඔයාලට අර මනුස්සයාගේ බිලත් එක්කම ගෙවන්ඩ වෙනවා.එහෙම නැත්තන් ටික කාලයක් හිර බත් කන්ඩ ලෑස්ති වෙන්ඩ වෙනවා.

     මම මේ ටික විශේෂයෙන් කිව්වේ අපේ කට්ටියගේ වැඩ දන්නා නිසා.ඒ නිසා පිනට internet යන්ඩ ගිහින් වැඩ වරද්ද ගන්ඩ එපා.මට කියන්ඩ උවමනා උනේ ඔයාලගේ router ඒක hack වෙන ඒක නවත්ත ගන්න විදිහ විතරයි.

     මේ ලිපිය වැදගත් උනා කියලා හිතනවානම් පොඩි comment එකක් දල යන්ඩ අමතක කරන්ඩත් එපා.මගේ blog එකේ අලුත් ලිපි ගැන facebook එකෙන් දැන ගඳ කැමතිනම් පල්ලෙහා facebook like box එකේ like එකකුත් දාගෙනම යන්ඩ.

No comments:

Post a Comment