අපි GB බර ගාණක ෆයිල් එකක් කොපි වෙන්න දාල තියනවා මේකට පැයක දෙකක් යනවා.ඉතින් ඔය අතරේ අම්ම කතා කරනවා මෙන්න මෙහෙට ගිහින් එන්න කියල.
ඉතින් දැන් මේක දාල යන්න එපැයි.අම්ම
කියන වැඩේට ගියොත් පැය 5ක් විතර යනවා කොම්පියුටර් එකේ වැඩේට යන්නේ පැය
එකහමාරක් වගේ.ඉතින් වැඩේ ඉවර උනාම නිකන් කොම්පියුටරේ ඔන් එකේ පැය 2, 3
ක්.
එහෙම නැතත් ඔන්න ඔයාල ඩවුන්ලෝඩ් එකක් දානවා රෑ වෙලා.ඒත් මොන විදියකින් හරි කනෙක්ෂන් එක ස්ලෝ වෙලා හරි වැඩේට පැය ගානක් යනවා.
ඉතින් දැන් මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකං බලන් ඉන්න බෑ.පට්ට නිදිමතයි.
ඔන්න ඉතින් ඒ වගේ වෙලාවට මේක හරි වැදගත්වෙනවා.
මෙන්න සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න පහලින්.
ඔන්න ඉතින් හැමදාමත් වගේ කොහොමද
සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්නේ කියල කියල දෙන්න හදන්නේ.
ඔය අංක 1 තියෙන තැනින් ඔයාලට වෙන්න ඕන ඇක්ෂන් එක තෝරගන්න.ඒ කිව්වේ shutdown , restart ද මොකද්ද වෙන්න ඕන කියලා.
දෙවෙනියට ඔය අංක 2 දාල තියෙන
තැනින්වැඩේ වෙන්න ඕන වෙලාව තෝරලා තියන්න.ගොඩක් වෙලාවට හරියටම වෙලාව
දෙන්න එපා. වැඩේ වෙන ටයිම් එකට වැඩිය පැය බාගයක් විතර වැඩියෙන් දෙන්න
කෝකටත් කියලා.
උදාහරණයක් විදියට ඩවුන්ලෝඩ් එකක්
එහෙම නිතරම එකම ස්පීඩ් එක තියෙන්නේ නැහැනේ.ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අනුව වෙලාව
වෙනස් වෙන නිසා කෝකටත් හොඳයි පොඩ්ඩක් වැඩියෙන් වෙලාවක් දෙන එක.
ඊළඟට එයි මෙහෙම එකක්
මෙතෙන්ට ඔයාල කැමති පාස්වර්ඩ් එකක්
දෙන්න.හැබැයි මතක තියාගන්නඔයාල හදන මේ ටාස්ක් එක කැන්සල් කරන්න නම් ඔයාලට
මේ පාස්වර්ඩ් එක ඕන වෙනවා. මෙන්න මේ වගේ.
No comments:
Post a Comment