Saturday, September 13, 2014

පරිගණකයහි බොහෝවෙලා ගතකරන ඔබේ දෑස් රැකගන්න




   ඔන්න මං අග ගෙනාවෙ සනීප අරාක්ෂාව ගැන හිතන යාලුවන් ට පොඩි සොෆ්ට්වයා එකක්.. මොකද්ද මේ? ඇත්තටම අපි සාමාන්‍යයෙන් දිනකට බොහෝ වෙලාවක් පරිගණකය සමග ගතකරනවා.. සමහර විට පැයක් දෙකක් හෝ ඊට වැඩිවෙලාවක් ගතකරනවා.. ගොඩක් අය අන්තර්ජාලයේ බොහොවෙලා ගතකරනවා.. ඒ වගේම ගොඩක් වෙබ් අඩවි වල පසුබිමත් සුදු පැහැ ගන්නවා.. එය දෑසට ගොඩක් අසහන කාරියි.. ඉතින් මෙහෙම බොහෝවෙලා පරිගණකය සමග ගතකරද්දි අපි එක දිගට තම මොනිටරය දෙසම  බලාසිටිනවා.. අපි දන්නෙවත් නෑ අපිට මේක ගොඩක් හානිකරන වග. බොහෝ වෙලා මෙලෙස සිටීමෙන් විවිද ඇස්රෝග හටගන්න ඉඩ තියෙනවා. සමහර අයට ඇස්වලින් කදුලු ගැලීම වගේ දේවල් සිදු වෙනවා..
ඉතින් මේ රෝග වලින් මගහැරගැනීමට අපිට පුලුවන්.. කොහොමද? මේ සදහා ම සෑදූ විශේෂ මෘදුකාංගයක් මට හමුවුනා.. නමින්
F.lux ලෙස හදුන්වන මෙය මගින් අපේ දෑසට අහිතකර දැඩි එලිය අඩුකර දෑස් සදහා හිතකරන වර්ණයක් ලබාදෙනවා.. 

    එමෙන්ව මෙහි ඇති සුවිශේෂී හැකියාව වන්නේ මෙමගින් ඔබ ගතකරන්නේ කුමන කාලයකද? උදේ දවල් හෝ රෑ.. මේ කලයට ඔබින අයුරින් මෙහි වර්ණය අඩුවැඩි වෙනවා..  මුලින්ම පහලින් බාගතකරගන්න.. 500 Kb විතරයි..

http://justgetflux.com/flux-setup.exe

හරි දැන් මෙය install කරගත්තනම් එහි settings වලට යන්න.. එහි change යන්න ක්ලික් කර එහි ඔබගේ ලිපිනය යොදන්න.. Rathnapura,Sri Lanka වගේ

දැන් බලන්න ඔබේ දෑසට කෙතරම් සහනයක් ගැබුනද? කොහොමද? මරු නේ.. ඉතින් මේ ලිපිය ඔබට වැදගත් කියා සිතේනම් අදහසක් එක්කරන්න අමතක කරන්න එපා... ඔන්න මං ගියා.. පී

No comments:

Post a Comment