
එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ කණ්ඩායමට කිව්වේ F4 කියලයි.
මේකේ නායකයා තමයි Goo Jun-pyo (Lee Min ho ), එයා තමයි කොරියාවේ ලොකුම ව්‍යාපාරයේ අනාගත හිමිකාරයා. ඒ වගේම මේ පාසලත් අයිති එයාගේ පවුලට. ඒ නිසා කවුරුවත් මෙයාට උඩින් මේ පාසලේ වැඩ කරන්න ගියේ නෑ. එහෙම කරන අයට මේකේ ඉන්න ලැබෙන්නෙත් නෑ. මේ හතර දෙනා අතරින් එක්කෙනෙක් ටිකක් වෙනස්. එයා සංගීතෙට ලැදි F4 එකේ අය කරන සමහර දේවල් වලට අකමැති සංවේදී හදවතක් තියන කෙනෙක්. නම Yoon Ji-hoo (Kim Hyun ). මේ set එකේ අනිත් දෙන්නා තමයි, So Yi-jung (Kim Bum) සහ Song Woo-bin (Kim Joon ) කියන්නේ. කොහොම වුණත් මේ තුන්දෙනා අතිජාත මිත්‍රයෝ.
හදිස්සියේම අහම්බෙකින් කඩා පාත් වුණ වාසනාවක් හෝ අවාසනාවක් නිසා Geum Jan-di (Ku Hye sun ) ටත් මේ පාසලට එන්න අවස්තාවක් ලැබෙනවා. සාමාන්‍ය දුප්පත් dry cleaning ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන පවුලක එකම දූ තමයි මෙයා. කොහොම උණත් අසාධාරණය එහෙම මෙයාට පෙන්නන බෑ. ඒ නිසා පාසලට ආපු දවසේ ඉදන්ම මෙයාට කරදරම තමයි වැටෙන්නේ. ඒවත් සාමාන්‍ය කෙනෙක්ට ඉවසන්න පුලුවන් තරමේ ඒවා නෙවේ. ඒත් මෙයා කවදාවත් F4 එක ඉදිරියේ දණ නමන්න සූදානම් වෙන්නෙත් නෑ.
මේ පාසලට අකමැත්තෙන් ආවත් ඒ ආපු පළවෙනි දවසෙම හද සසල කරවන ලස්සනම ලස්සන වයලින් වාදනයක් වයමින් තනිවම ඉන්න කුමාරයෙක් වගේ ලස්සන පෙනුම තියන කෙනෙක් එයාට දකින්න ලැබෙනවා. එයා මොකක් හරි දුකකින් ඉන්න කෙනෙක් බවත් Jan-di තේරුම් ගන්නවා. ඒ තමයි Yoon Ji-hoo, ඒත් ඒ වෙනකොට එයා F4 එකේ කෙනෙක් බව නම් Jan-di දන්නේ නෑ. මොන අමාරුකම් දරාගෙන හරි Jan-di පාසලට එනවා. එත් Goo Jun-pyo ගෙන් මෙයාට හැමදාම කරදරම තමයි වෙන්නේ. ඒ හැම වෙලාවකම එයාව බේරගන්න Yoon Ji-hoo එනවා. ඒත් Geum Jan-di ඉක්මනටම දැනගන්නවා Ji-hoo ගේ ආදරය එයාට හිමි නැති බව. ඒ නිසා ඇය දුක් වෙනවා. ඒ අතර Goo Jun-pyo ටත් කිසිම දේකට යටත් නොවී ඉන්න මේ පුදුමාකාර ගෑණු ළමයා ගැන හිතක් පහල වෙනවා. ඒත් ඒක පෙන්නන්න ඕන විදිය එයාට තේරෙන්නේ නෑ. මෝඩ වැඩම තමයි කරන්නේ. ඒ නිසා Jan-di ට තවත් තරහ යන එක තමයි වෙන්නේ. ඒත් පස්සේ Goo Jun-pyo කියන්නේ හිතන තරම්ම නරක කෙනෙක් නොවන බව Jan-di තේරුම් ගන්නවා. ඒ අතර Ji-hoo ත් යම් සිදුවීම් කීපයකට පස්සේ Jan-di ට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං අන්තිමට කවුරු කාට හම්බවෙයි ද කියලා මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නේ.
Jan-di ගේ පවුලේ සිදුවන හාස්‍යජනක සිදුවීම් සහ පාසලේ දි වෙන රසවත් සිදිධීන් එක්ක සමහර අවස්තාවලදී සංවේදී බවකුත් එක්ක මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒක පළවෙනි කොටස බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන් පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන එකක් නම් නෑ. අවසානය වෙනකන්ම කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් තමයි මේ.
8.5/10 ක ඉහල IMDb අගයක් දරන මෙය 2009 විකාශනය වූ ටෙලිනාට්‍යක්, episodes 25 කින් සමන්විතයි.
අහ්… මට නිකමට හිතුණා මේ ගැන තවත් රසවත් දේවල් ටිකක් කියන්න, Kim Hyun joong (Yoon Ji-hoo ), කියන්නේ කොරියාවේ සුප්‍රසිධ SS501 කියන සංගීත කණ්ඩායමේ ඉන්න තරුවක්. මේකේ තියන සින්දු 2 ක්ම ගායනා කරන්නේ එයා විසින්මයි (“Because I’m Stupid”/”Making a Lover”) කියන ගීත දෙක ඒක ඔයාලට මේක බලන කොට අහන්න පුලුවන්. SS501 හි විශේෂ වේදිකා රංගනයක් නාට්‍යයේ episode 4 අඩංගුවෙනවා. තව අපේ කතා නායිකාව Geum Jan-di ට නිතරම හිරිහැර කරන පාසලේ “සුරුපිණියෝ 3න් දෙනා” කියලා හඳුන්ව ගන්න (ginger, sunny, miranda) අතරින් sunny කියන චරිතය රඟපාන නිලිය මේ drama එක රඟපෑමෙන් පස්සේ සියදිවි නසාගෙන තියනවා, ඒ මෙහි රගපාන අතරතුර නරක හැසිරීම් නිසා ඇති වූ චෝදනා දරාගන්න බැරුවලු.
ඒ වගේම මේ drama එකට ලැබුණ awards ගැන කිව්වොත් එම වසරේ බොහෝ සම්මාන උලෙල් වලදී, Lee Min hoහොදම නලුවා ලෙසත්, Kim Hyun joong ජනප්‍රියම නලුවා ලෙසත්, music award වලදී “Because I’m Stupid” හොදම ගීතය ලෙසද සම්මාන දිනාගෙන තියනවා.
ඉතිං නිවාඩු පාඩුවේ ඉදන් මේ ලස්සන drama එක බලන්න කියලා කොරියානු නිර්මාණ රසවිදින්න කැමති හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම බලලා හොද නරක අදහස් එහෙමත් කියන්නකො, එහෙනම් ආපහු හමුවෙමු.
No comments:
Post a Comment