ඔන්න ඉසව්ව පටන් අරගෙන මාසෙකුත් අහවර වුණා. හිතාගෙන හිටියට වඩා ප්‍රතිචාරත් ලැබුණා. මේ පටන් ගන්න අළුත් මාසෙ ටිකක් වෙනස් විදිහට පෝස්ට් ලියන්න තමා හිතන් ඉන්නෙ. ඒ වගේම අළුත් වැඩ කෑලි ටිකකුත් වටින් පිටින් පේනව ඇතිනෙ! එහෙනම් අළුත් විදිහට, සෙට් වෙන්න මේ පැත්තට!
පහුගිය දවස් ටිකේ ඉසව්ව ටෙම්ප්ලේට් ස්ක්‍රිප්ට් එකේ තිබ්බ අඩුපාඩු ටිකක් හැදුවා. ඒ වගෙම පහුගිය දවස්වල හරියට සිග්නල් තිබ්බෙත් නෑ. මොබිටෙල් කට්ටිය අපේ පැත්තෙ තියෙන ටවර් එක රෙපයාර් කරපු නිසා. ඉතින් පෝස්ට් දාන්න හම්බවුණේ නෑ.
මගෙ ෆෝන් එකේ චිප් එකට අමුතු ලෙඩක් හැදිල තියෙනවා. ඒක කොහොමවත් සාමාන්‍ය විදිහට, එහෙම නැත්නම් ඩ්‍රයිව් එක රයිට් ක්ලික් කරලා ෆෝර්මැට් කරන්න බෑ. ඔන්න ඔය වගේ වෙලාවට සමහරුන්ට නම් චිප් එක හප කරල දාන්න හිතෙනවා. මටත් එහෙම නොහිතුනා නෙවෙයි. ඒ වගේ වෙලාවට බොහෝ දුරට වද විඳින්න වුණේ අර අහිංසක කී බෝඩ් එකට. මගෙ ඔය වගේ එක එක සිද්ධි හින්ද දෙතුන් පාරක්ම මගෙ කී බෝඩ් ස්ටෑන්ඩ් (අර කී බෝඩ් එක ඉස්සරහින් උඩට උස්සල දෙන ගැජට් කෑලි) ගැලවිලා වීසි වෙලා තියෙනවා. :)
දැන් ඔය ෆ්ලෑෂ් ඩ්‍රයිව් ෆෝර්මැට් කරන්න බැරි වෙන්නෙ ගොඩක් දුරට වයිරස් නිසා. ඒත් වින්ඩෝස්වල මී මුත්තා, ඩොස් (දැන් ඉතින් Command Prompt කියලනෙ වින්ඩෝස් අස්සෙ ගහල ඕක තියෙන්නෙ) පාවිච්චි කරලා ලේසියෙන්ම ෆ්ලෑෂ් ඩ්‍රයිව් ෆෝර්මැට් කරන්න පුළුවන්. බලන්න වින්ඩෝස් අයියට බැරි දේ ඩොස් ආතා කරන හැටි!
Insert new disk for drive J:
and press ENTER when ready...
Volume label <11 characters="" enter="" for="" none="">?11>
(ප.ලි: දැං මේ ෆෝර්මැට් වුණේ FAT32 වලින් නෙ. ඒත් සමහරුන්ට NTFS වලින් ෆෝර්මැට් නොකළොත් නින්ද යන්නෙ නෑ. ඒක කරන්න නම් කලින් කියපු විදිහට FAT32 වලින් ෆෝර්මැට් වෙලා ඉවර වුණාම CMD වල එතනම පහළින් convert J: /FS:NTFS /NoSecurity කියල ටයිප් කරල Enter කරන්න. ඔය J අකුර වෙනුවට තමන් ෆෝර්මැට් කරපු ඩ්‍රයිව් එකේ අකුර දාන්න ඕනා.)
හරි. වැඩේ ඉවරයි. තව පෙන් ඩ්‍රයිව්, මෙමරි කාඩ් ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉස්සරහට ඒවත් ඉසව්වට දාන්නම්. ආ.. තව දෙයක්. පහුගිය සති දෙක තුනේම ඉසව්ව බ්ලොග් කමෙන්ට්ස් වැඩ කළේ නෑ. ඔන්න දැන් එළකිරි වගේ ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකත් එක්කම සාමාන්‍ය කමෙන්ට් බොක්ස් එකත් තියෙන නිසා කැමති විදිහට කමෙන්ට් කරන්න පුළුවන්. මම නම් ගොඩක් කැමති ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකට. මොකද ඒක තමයි කමෙන්ට් කරන්න තියෙන ලේසිම විදිහ.

- මුලින්ම ෆෝර්මැට් කරන්න ඕන පෙන් ඩ්‍රයිව් එක හරි මෙමරි කාඩ් එක හරි කොම්පියුටර් එකට කනෙක්ට් කරන්න.
- My Computer ගිහිල්ල ඒ පෙන් ඩ්‍රයිව් එකේ හරි මෙමරි කාඩ් එකේ හරි drive letter එක බලා ගන්න. (උදා: (F:),(G:),...)
- දැන් Command Prompt එක open කරගන්න. (Vista, 7 වලදි නම් cmd කියල සර්ච් කරන්නකො. XP වලදි නම් Start>Run...>cmd>[OK])
- ඒකෙ මේ විදිහට format කියල ටයිප් කරල හිස්තැනක් තියල කලින් හොයාගත්තු drive letter එකත් එක්ක ඩොට් දෙක (අර සිංහලෙන් colon කියන්නෙ!) ටයිප් කරල [Enter] කරන්න. උදාහරණයක් විදිහට drive letter එක J නම්, format J: කියලයි ටයිප් කරන්න ඕන.
- දැන් වැටෙයි මේ විදිහට.
Insert new disk for drive J:
and press ENTER when ready...
- ආයෙත් [Enter] කරන්න. දැන් ෆෝර්මැට් වෙන්න පටන් ගනීවි.
- ෆෝර්මැට් වෙලා ඉවර වුණාම ඊළඟට මේ විදිහට වැටෙනවා.
Volume label <11 characters="" enter="" for="" none="">?11>
- මෙතනදි ෆෝර්මැට් කරපු පෙන් ඩ්‍රයිව් එකට හරි මෙමරි කාඩ් එකට හරි දාන්න ඕන නම අහනවා. කැමති නම් විතරක් ඒක ටයිප් කරන්න. නැත්තම් නිකන්ම [Enter] කරල දාන්න.
(ප.ලි: දැං මේ ෆෝර්මැට් වුණේ FAT32 වලින් නෙ. ඒත් සමහරුන්ට NTFS වලින් ෆෝර්මැට් නොකළොත් නින්ද යන්නෙ නෑ. ඒක කරන්න නම් කලින් කියපු විදිහට FAT32 වලින් ෆෝර්මැට් වෙලා ඉවර වුණාම CMD වල එතනම පහළින් convert J: /FS:NTFS /NoSecurity කියල ටයිප් කරල Enter කරන්න. ඔය J අකුර වෙනුවට තමන් ෆෝර්මැට් කරපු ඩ්‍රයිව් එකේ අකුර දාන්න ඕනා.)
හරි. වැඩේ ඉවරයි. තව පෙන් ඩ්‍රයිව්, මෙමරි කාඩ් ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉස්සරහට ඒවත් ඉසව්වට දාන්නම්. ආ.. තව දෙයක්. පහුගිය සති දෙක තුනේම ඉසව්ව බ්ලොග් කමෙන්ට්ස් වැඩ කළේ නෑ. ඔන්න දැන් එළකිරි වගේ ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකත් එක්කම සාමාන්‍ය කමෙන්ට් බොක්ස් එකත් තියෙන නිසා කැමති විදිහට කමෙන්ට් කරන්න පුළුවන්. මම නම් ගොඩක් කැමති ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකට. මොකද ඒක තමයි කමෙන්ට් කරන්න තියෙන ලේසිම විදිහ.
No comments:
Post a Comment