මාතෘකාව දැකපු ගමන් හිනා යන්නත් ඇති නේද? මම අද අහම්බෙන් වගේ ඉන්දියාවෙ පොරක් කරන බ්ලොග් අඩවියකට ගියා. ඒත් ඒකෙ තියෙන භාෂාව නම් තේරුණේ නෑ. වෙලාවට ඒකෙ මාතෘකා නම් ඉංග්‍රීසි භාෂාවෙන් දාල තිබුණා. ඒකෙන් තමා මේක හොයා ගත්තෙ. මේක අමුතුම තාලෙ මෘදුකාංගයක්. මේකෙන් අපේ පරිගණකය අවට අමනුෂ්‍ය බලවේග ඉන්නවද කියල බලාගන්න පුළුවන්. එහෙම කියන්නෙ මම නම් නෙවෙයි. මේ මෘදුකාංගය හදපු සමාගම.
මේක හදපු අය නම් මේ මෘදුකාංගය නොමිලේ දෙන්නෙ නෑ. ඩොලර් 5ක් විතර අය කරනවා. මේක ක්‍රියාත්මක කළාම පරිගණකය අවට අමනුෂ්‍ය බලවේග ඉන්නව නම් රේඩාර් තිරයෙන් පෙන්නනවා. පහළ රූපයෙ පෙනෙන විදිහට. ඒ විතරක් නෙවෙයි අමනුෂ්‍ය බලවේග කතා කරන වචනත් මේ මෘදුකාංගයට අහු වෙනවා. මට නම් තාම එකම එක පාරයි සංඥාවක් අහු වුණේ. ඒකත් ගොඩක් දුර්වලයි. එක පාරට සංඥාව නැතිවෙලා ගියා. හැබැයි ඇත්තම කියනව නම් මට මේක තාම විශ්වාස නෑ.
මේ මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න පරිගණකයට මොකුත් අළුතෙන් උපකරණ සවි කරන්න ඕන නෑ. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාව ක්‍රියාත්මක වෙන්න ඕනත් නෑ. කෙළින්ම බාගෙන install කරගන්න. ඉසව්ව බ්ලොග් අඩවියෙන් දෙන්නෙ මේ මෘදුකාංගයෙ මේ වෙනකොට තියෙන අළුත්ම පූර්ණ සංස්කරණය (full version). ඒ වගේම තමයි මේ ඉසව්ව බ්ලොග් අඩවිය පිට වෙබ් අඩවි වලට ලින්ක් නොකර දෙන පළවෙනි මෘදුකාංගය. අපි mediafire වගේ සයිට් වලට යවල ඔයාලව රස්තියාදු කරන්නෙ නෑ. අපේම ඩොමේන් වලින් බාගන්න පුළුවන්. එහෙනම් එක ක්ලික් එකෙන් බාගෙන අත්හදා බලන්න. :)
No comments:
Post a Comment