Thursday, July 17, 2014

ලොකු ලොකු file mb 1,1 Compressing කරමු

Copy of compressed winrar 

හා යාලුවනේ කොහොමද? ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ WinRAR කියන  Compressing ටූල් එක මගින් විශාල ප්‍රමාණයක File ඒකක් හෝ Folder එකක් කුඩා  ප්‍රමාණයකට සකසා ගන්න හැටි. මෙහිදී මෙම කුඩා කරන File එකේ හෝ Folder එකේ තිබෙන  දත්ත වලට හානිවීමක් හෝ වෙනත් කිසියම් හෝ වෙනසක් සිදුවන්නේ නෑ. මෙහිදී සිදුවන්නෙ නිසි ආකාරව එම දත්ත තදින් ඇසිරීමක්.
ඔන්න එහෙනම් කරන විදිය.. පහල දාලා තියෙන රූපවල පිලිවෙලට වැඩේ කරන්න කෝ….
Compressed කිරීමට ප්‍රථම Folder එකේ Size එක 

 
මුලින්ම Compressed කිරීමට අවශ්‍ය File එක හෝ Folder එක මත Right Click 
කර, ඉන්පසු දිගහැරෙන මෙනුවෙන් Add To archive යන්න මත ක්ලික් කරන්න.
 
ඉන්පසු මතුවෙන කොටුවේ පහත රූපයේ පරිදි වෙනස් කම් සිදු කර OK යන්න මත ක්ලික් කරන්න
 
ඉන්පසු මෙම කොටුව සම්පූර්ණ වී නැති වී යන තෙක් සිටින්න.
 
දැන් සැකසී ඇති File එකේ හා සැකසීමට පෙර තිබු File එකේ ප්‍රමණයන් සසදා බලන්න. එවිට ඔබට වැටහේවි මෙහි ඇති වාසිය කුමක්ද කියා. 
 
*මතක තබා ගන්න අප සෑදුවේ ” .rar ” File එකක් නිස එම සකසන ලද File එක කියවීමට හෝ නැවත තිබුන ආකාරයට සැකසීමට WinRAR ටූල් එක අවශ්‍ය බව. *

No comments:

Post a Comment